Tuesday, June 21, 2011

බොරලන්දේ ගතවු ජීවිතය......!!!!!

ඔන්න ඉතින් කතාව පටන් ගන්නේ මට MOHE ( Ministry Of  Higher Education) කියලා එකකින් "FUTURE LEADERS" කියලා ලියුමක් ආවට පස්සේ. මම ඔය ලියුම එන්න කලින් ඔය අනාගත නායක පුහුණුව ගැන පත්තරෙන් කියවලා තිබුනා.
ඔය තියෙන්නේ මට ආපු ලියුම.....
ඔන්න ඉතින් ඒ ලියුමේ තිබුන විදියට මට 2011 මැයි 22 ඉරිදා එහෙට වාර්ථා කරන්න කියලා තද කලු අකුරෙන් ලියලා තිබුණා.  මට ඒ ලියුම දැක්ක ගමන් තේරුණා වැඩේ හරි කියලා.....ඒ කියන්නේ සති 3ක  ARMY TRAINING (ඇත්තෙන්ම කියනවනන් මෙකට හමුදා පුහුනුවක් කියන එක හරි නෑ. මේක ඇවිල්ලා පට්ට ආතල් training 1ක්) එකකට යමන්කෝ කියලා.........
          මොකක් උනත් සතුටින් බාර ගැනිම මගේ ගතියක්....මොනවා උනත් මම COOL එකේ ඉන්නපොරක්.... ඒක නිසා හිතේ පොඩි සතු‍ටුකුත් තිබුනා...මොකද මම දැනන් හිටියා එහේ ගියහම අලුත් යාලුවෝ meet වෙනවා කියලා....
කොහොම කොහොම හරි 22දා පාන්දරම ගෙදරින් පිටත් වුනා බොරලන්ද police school එකට යන්න කියලා..........ඔය තියෙන්නේ එහේ යන අතර මගදි ගත්තු photos ටිකක්..........



                          ඔන්න ඉතින් ලියුමෙ තිබුන පරිදිම 22දා උදේ 10.30 වෙන්න කලින් එහෙට ගියා. හිතුවට වඩා එහේ හීතලයි......කොහොමත් මම කූල් එකේ ඉන්න නිසා ගානක් උනේ නෑ....
මම දැක්ක එහේ යනකොට මම වගේ ඔය නායකත්ව පුහුණුවට ආපු කොල්ලන්ගේ මූණු නිකන් බෙරි වෙලා වගේ තියෙනවා. මම හෙමීට එකෙක්ට කිට්ටූ කරලා ඇහුවා "මොකෝ බං නිකන් upset එකෙන් වගේ?" කියලා. මිනිහ කියපී "මචං අපේ camp එකේ කෙල්ලෝ නෑ" කියලා. එහෙම කිව්ව ගමන් නිකන් මටත් මොකක්ද උනා.....hikzzzzz.... මොනවා කරන්නද ඉතින්...මම මොකක් උනත් COOL නිසා මම ඒ සිද්ධිය     අමතක කරන්න full try 1ක් දැම්මා.........හි හි හි........!!. මොනවා උනත් අපේ school ( R/ Sivali Central College) එකේ campus set කට්ටියම වගේ මෙහෙට ඇවිත් හිටියා.....ඔය ඉන්නේ .....!
                                       









  මෙතන ඉන්නෙ පොඩ්ඩයි........මෙහෙට ආපු කොල්ලෝ ඔක්කොම වගේ අපේ ස්කූල් එකේ.............75%ක්ම වගේ........... hmm mm.......

ඔන්න ඉතින් මාව එහෙදි තෙරුනේ "කාශ්‍යප නිවාසය"ට. එහේ ඔය වගේ නිවාස 4ක් තිබුනා...."කාශ්‍යප, ගැමුණු, තිස්ස, ගජබා" කියලා.....ඔය තියෙන්නේ අපේ කාශ්‍යප නිවාසය............




තව මට එහේදි මගේ බුදු ‍ෆිට් 1ක් වෙන බමුණු මල්ලිත් සෙට් උනා...........මිනිහා මගේ පොඩී කාලේ ඉදන් හිටපු ‍ෆිට් 1ක්............එහේදි නිවාස වලට වෙන් කරනකොට මගේ බුදු ‍ෆිට් 1 අහුවුනේ "ගැමුණු" කියන නිවාසෙට..........ඉතින් මක් කරන්නද.........කූල් පාරක් දාලා ඒක shape කරගත්තා...........ඔය ඉන්නේ චතුරංග කසුන් හෙවත් බමුණු මල්ලීයි, මමයි...............අපි දෙන්නා හොද ගජ යාලුවෝ( එහෙම කිව්වට මිනිහා මට හොද හොද වැඩ කරලා තියෙයි..............ඒවා මතක් වෙනකොට මට ඇඩෙනවා........ඉහි ඉහි ඉහී......) හැබැයි ඉතින් මොනවා අපි දෙන්නා නිකන් සහෝදරයෝ වගේ.......
හ්ම්ම්ම්..ඔන්න ඉතින් මූලික හැදින්වීමනන් ඉවරයි වගේ දැනෙනවා..........හ්ම්ම්ම්.......ඔන්න දැන් තමා ආතල්ම කාලය පටන් ගන්නේ.....

පලමූ ආතල් දවස..................

ඇත්තෙන්ම කියනවනන් මට පලවෙනි දවසෙම අපේ කාශ්‍යප සෙට් 1 බොක්කටම වැදුනා........ඔන්න පලවෙනි දවසෙම අපේ කාශ්‍යප නිවාසෙට නායකයෙක් හෙවත් Leader කෙනෙක් දාගන්න කියලා අපේ නිවාස භාර සර් , SI. තුෂාර සර් කිව්වා......ඔන්න ඉතින් අපේ සෙට් 1 කතා වෙලා අපේ නිවාසෙට නායකයෙක් පත් කර ගත්තා........ඔය ඉන්නේ මිනිහා......මෑන්ගේ නම ශ්‍රීමාල්.........
ඔය ඉන්නේ අපිත් එක්ක පොඩි chat පාරක් දාගෙන...හික්ෂ්..... මිනිහා නියම පොර...හික්ෂ්ෂ්ෂ්.....තව ඉස්සරහට මිනිහා ගැන හොද කතා ටිකක් තියෙයි....හ්ම්ම්ම්ම්...

ඔය සිද්ධිය උනේ එහේ අපේ කට්ටියගේ පලවෙනි ‍රැස්වීම දවසේ...එහේ අපිටම කියලා... ඒ කිව්වේ කාශ්‍යප නිවාසෙටම කියලා දේශන ශාලාවක් තිබුනා...ඔය තියෙන්නේ දිලිසි දිලිසි......



ඔය පහතින් දැක්වෙන photo 1 ඉන්නේ මම ඉස්සෙල්ලා කියපූ අපේ තුෂාර සර්....මිනිහා...ටිකක් සැරයි වගේ පෙනුනට මාර හොදයි......මිනිහගේ දේශනනන් ටිකක් boring ( ටිකක් කිව්වට සම්පූර්ණයෙන් වගේ...හික්ස්ස්ෂ්ෂ්....) ...........මටත් හැමදාම වගේ නින්ද යනවා ඒ දේශණ අහන් ඉන්නකොට....හිකාස්ස්ස්ස්
හැබැයි මිනිහා අපිත් එක්ක මාර ‍ෆිට්.....ඔය පහල තියෙන photo 1 ඉන්නේ අපේ බැ‍රැක්කය බාරව හිටපූ අත්තනායක සර් ....අපි මෑන්ට කිව්වේ අයියේ කියලා......




ඔන්න ඉතින් ඊට පස්සේ අපි කට්ටිය අපේ බැ‍රැක්කෙට ගිහින් කට්ටිය අදුන ගන්න ලේසි වෙන්න card ගහගත්තා...ඒ කියන්නේ nick names දාගත්තා...හික්ස්ස්......පට්ට ආතල් වචන සෙට් 1ක් එතනදී කට්ටිය ඇද බෑවා....හික්ස්ස්ස්....... මම ඒ ටික දාන්නන්කෝ...හොදේ....ඔය තියෙන්නේ ඒ උත්සවයේ අවස්ථා කිහිපයක්...හිකාෂ්ෂ්ෂ්....හික් හික්...





මම එහෙම දාගත්තු නම් ටිකක් කියන්නන්කො.......ඔය තියෙන්නේ පල්ලෙහා.....හික්ස්ස්
 king cow(අපේ නිවාසේ නායකයා), අම්බයා, රේඩාර්( ඕක තමා මට දාපූ නම), වැල් ජෝන්, පප්පා, වැලා, කදිරා, කලයා, කාලගෝල, පෙත්තා, පැපරාසියා, මල් කොල්ලා, අයිස් කොල්ලා, වලත්ත රන්ජී, ස්මෝලා, ජුකියා, කොන්චා, සියදෝරිස්, අහිංසක, සීතල, බට්ටා, ශාරුක්, සන්නිවේදන පා, කොකා, ගේල්, පිස්සා, බෝරා, බොක බුලා, ඩිස්කවරියා, ටික්කා, 19( සාධාරණ කොටා)..........................etc;.......ඔන්න ඔහොම නම් තව ගොඩක් දාගත්තා...........පට්ට ආතල්....and COOL.............ඔන්න ඔහොම ඉතින් පලවෙනි දවස ගෙවුනා...............හ්ම්ම්ම්.........තව හොද හොද සිද්ධි තියෙයි.....මම ඒවා තව ඉස්සරහට දාන්නන්කෝ.....හොදේ......